බ්ලොග් එක පටන්ගෙන සෑහෙන කාලයක් ගියාට තාම හරි හමන් ලිපියක් ලියාගන්ඩ බැරි වුනා. දලඹුව කියන්නෙත් ඉතින් බොහොම වැඩ රාජකාරි තියන පුද්ගලයෙක් නෙව. ඒ වුනාට දන්න අඳුරන සමහරුනම් මේ ගැන එක එක මත පල කරනව.
"සද්දෙ දාල බ්ලොග් එකක් පටන්ගත්තට ඒකෙ මොකුත් නෑනෙ."
"දලඹුවගෙ හැම වැඩේම ඔහොමයි."
"දලඹුවගෙ හැම වැඩේම ඔහොමයි."
"අල බුවා බ්ලොග් එකත් අල කරගත්ත."
"ඕකගෙ වැඩ 50යි, පපඩම් 150යි!!!"
"ඕකගෙ වැඩ 50යි, පපඩම් 150යි!!!"
මේ වගේ ප්‍රතිචාර සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොටත් ලැබෙමින් පවතිනව. ඉතිං ඒ වගේ ඉහල පාඨක ප්‍රතිචාර මැද පලවෙනි කතාව ලියන්නයි මේ හදන්නෙ.
අලි කොටි වලස්සු ගැන කතා ගොඩක් බ්ලොග් අඩවි ගොඩක ලියවිලා තිබුනත් රිලා කතා නම් මම දැක්කෙ මාරයාගේ හෝරාවෙ තිබුන "රිලා ප්‍රහාර මැද මාර චාරිකා..." ලිපියෙ විතරයි. ඒත් නුවර පලාතෙ ඉන්න අපිටනම් ලොකුම කරදරයක් වෙලා ඉන්නෙ රිලවු. එක එක ක්‍රම වලින් අපේ දවසේ වැඩ කටයුතු වලට බාල්දි පෙරලන මේ සත්තු ටික ගැනත් මොනවහරි ටිකක් නොලිව්වොත් අඩුවක් වගේ. ඒ හින්ද විමානයේ ලියවෙන පලවෙනි කතාවම රිලා කතාවක් බවට පත් වෙනව.
ඉතින් ඔන්න පලවෙනි රිලා සීන් එක. දලඹුවාලගෙ ගෙදරින් හැම මාසෙකම පන්සලට දානයක් දෙනව. අපේ අම්මල ඕකට කියන්නේ සලාක දානෙ කියල. ඉතින් දවසක් දලඹු මලයගෙ තාත්ත ලොකු කෙසෙල් ඇවරියක් අරන් ආව දානෙට දෙන්ඩ කියල. හොඳට ඉදිල තිබුන කෝලිකුට්ටු ඇවරිය දැකපු දලඹු මලයගෙ කටට කෙළ ලීටර් ගානක් ඉනුව. කෝලිකුට්ටු වුනාට නිකං ආනමාලු ගෙඩි වගේ සයිස් එක. ආස හිතෙන සුවඳකුත් එනව. දැක්කම කන්ඩමයි හිතෙන්නෙ. ඒත් මොනව කරන්ඩද. දානෙට ගෙනාපු කෙසෙල් හින්ද කන්ඩත් බෑ. බුද්ධ පූජාව තියන්ඩ කලින් එහෙම කන්ඩත් හොඳ නැතිලු. පවු සිද්ද වෙනවලු. මොනව කරන්ඩද ඉතින්. පෙරේතකම ඉවසන් හිටිය කෙසෙල් තිත්තයි කියල හිතාගෙන.
දානෙ දවසත් ආවයි කියමුකො. දලඹුවගෙ අම්මයි තාත්තයි දන්න ක්‍රම ඔක්කොම දාල දානෙ උයනව. ඔය අස්සෙ නැගිට්ට ගමන් කබ කඩ කඩ මිදුලට ගිහින් බලපු දලඹු මලය දැක්ක විස්සක තිහක විතර රිලා හමුදාවක් මිදුලෙ පිරිල ඉන්නව. මේ සීන් එක හැමදම වගේ වෙන හින්ද දලඹු මලයත් වැඩිය ගනන් ගත්තෙ නෑ. දැන් ඔන්න දානෙ ගෙනියන වෙලාව. බත් මාලු එලවලු හැම දේම භාජන වලට බෙදල, සුදු රෙදි වලින් වහල ගෙනියන්ඩ ලෑස්තිය. ඒ අස්සෙ දලඹු මලයගෙ තාත්ත හැම තැනම කෙසෙල් ඇවරිය හොයනව. මාර සීන් එක. කෙසෙල් ඇවරිය නෑ.
දැන් සිද්දියෙ ප්‍රධාන සැකකාරය දලඹු මලය.
"හොරෙන්ම කෑව නේද කෙසෙල් ඇවරිය?"
"මුලු ඇවරියම කෑවද?""කෑවෙ නැත්තන් කෝ මෙතන තියෙන්ට එපැයි."
"කනව කියල ඔහොමත් කනවද?...."
ප්‍රශ්න කෝටියයි. නිකන් කුඩු ගෙනියල පොලීසියට අහු වුනා වගේ. කෑවෙ නෑ
කිව්වට අහන්නෙත් නෑ. කට්ටියම දන්නව ඇතිනෙ ඉතිං ගෙදර පොලීසියෙ තරම.
"හොරෙන්ම කෑව නේද කෙසෙල් ඇවරිය?"
"මුලු ඇවරියම කෑවද?""කෑවෙ නැත්තන් කෝ මෙතන තියෙන්ට එපැයි."
"කනව කියල ඔහොමත් කනවද?...."
ප්‍රශ්න කෝටියයි. නිකන් කුඩු ගෙනියල පොලීසියට අහු වුනා වගේ. කෑවෙ නෑ
කිව්වට අහන්නෙත් නෑ. කට්ටියම දන්නව ඇතිනෙ ඉතිං ගෙදර පොලීසියෙ තරම.
අන්තිමට කෙසෙල් නැතුව දානෙ අරන් යන්ඩ කියල එලියට බැස්සම තමයි හැමෝගෙම මීටර් වලට සීන් එක සෙන්ටර් වුනේ. මිදුල පුරාම කෙසෙල් ලෙලි. උයන පිහින කලබලේ අස්සෙ ගෙට රිංගපු රිලවු සෙට් එක කෙසෙල් ඇවරිය ගල් ටික් කොරල. ඒ මදිවට ඒක කාල සුන් බුන් මිදුල පුරාම විසිකරල. එදා ඉඳල දලඹු මලයට රිලවු කියන්නෙ පෙන්නන්ඩ බැරි ජාතියක්. දුටු තැන පහරදෙනව. උනුත් වැඩේ අතෑරල නෑ. ගරිල්ලා ක්‍රමේට ප්‍රතිප්‍රහාර දෙනව. වෙන ගෙදරක උලු කැට දෙකක් කැඩුවොත් අපේ ගෙදර උලු කැට දහයක් විතර කඩල දාලයි යන්නෙ.
ඕං ඕකයි කතාව. මෙලෝ රහක් නෑ නේද? මොනව කොරන්ටද ඉතින්. වෙන මොකුත් කොරන්ට ඕන නෑ. කොමෙන්ට් එකක් දාල තරහ පිට කරගන්ඩ.
පපඩම් කතාව නම් හරි.ඉස්සර අපේ වත්තටත් රිලවු පනිනව.හරිම කරදරේ.පස්සෙ මන් උන් එක්ක සාම ගිවිසුමක් ගැහැව්වා.මම රිලවුන්ට කන්න කෑම දානවා.උන් ඒවා කාලා මගේ කටුලොවි ටිකයි පේර ටිකයි මට ඉතුරු කරනවා.වැඩේ සාර්තකයි.ලොක්කෙක්ම අල්ල ගන්න ඕනෙ හැබැයි.
ReplyDeleteරිලවුන්ට කියලා පොල් කඩා ගන්න යන්න හොද නෑ ඒ උනාට
හප්පට සිරි බොල. නුවර රිලව් ගැන නම් කියලා වැඩක් නෑ. අර දලදා මාලිගාව ගාව ඉන්නවා සෙට් එකක්. වාහනේක වීදුරු වහන්න බැරි වුනොත් සොරිම තමයි.
ReplyDeleteමරු කතාව ඈ.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
මේත් මමමයි දලඹුවා. මගේ අනිත් ප්‍රොෆයිල් එකෙන්. මෙන්න තියෙනවා තවත් එල රොලා වඳුරු පෝස්ට් එකක්, එක්ස්පර්ට් කෙනෙක්ගෙන්.
ReplyDeletehttp://gaminievijith.blogspot.com/2012/07/23_29.html
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)