Best Blogger Tips ~~විමානය ~~: 2013

Sunday, December 8, 2013

ලොරියක බඩු කාර් එකක පටවමු....


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

තව ඕනනම් මේ ලින්කුව පහතින්..



Monday, July 22, 2013

ඔටුවෝ ගැන අලුත් සින්දු දෙකක්.....(වීඩියෝ සමග)




"ඔටුවා", ඒ කියන්නෙ තනිකඩයා..මෙහෙම අය ඕඅන තරම් අපි අතරෙ ඉන්නව. එ වුනාට උං අතරෙ ඉන්නව සුවිශේෂ ඔටුවො ජාතියකුත්. උං තමයි "ප්‍රොෆෙෂනල් ඔටුවො". මේ අය ඇවිල්ල අපිට කෙල්ලො එපා කියන, තනිකඩ ජීවිතේ සැප ගැන කියවන, මැරෙන තුරාවටම තනිකඩව ඉන්නව කියන කට්ටිය. තමන්ට කෙල්ලො එපා වුන පලියට අනුන්ටත් එපා කරවන ජාතියෙ උදවිය ගැනයි මේ කියන්නෙ..
 
මේ වගේ අය ඕන තරම් අපිට සමාජෙ දකින්ඩ ලැබෙනව. මේ ගොඩක් අය කියන විදිහට කෙල්ලො කියන්නෙ කොල්ලොංව අමාරුවෙ දාන්ඩ බලාගෙන ඉන්න පරපෝශිත සත්ව කොටසක්. මට තේරුණ විදිහටනං මෙයාල මේ තත්වෙට පත් වෙන්නෙත් කලිං සිදුවෙච්ච බලාපොරත්තු කඩවීම් හින්දම තමයි. මේ මොන පොර ටෝක්ස් දෙන කොල්ලත් ටික දවසකිං කෙල්ලො පස්සෙ යන්ඩ පටන්ගන්නෙ සාධාරණ හේතුත් හදාගෙන.
 
"ඒකි පවු බං"...."අහිංසක කෙල්ලෙක්".."වෙන උං වගේ නෙවෙයි.".....මේ වගේ දාහක් හේතු හදාගෙන තමයි වැඩේට බහින්නෙ. සමහර උං කෙල්ලගෙං අහන්ඩත් කලිම්ම හදන ළමයි ගානත් තීරණේ කරල ඉවරයි. දන්න සියලුම සිවිල් ඉංජිනේරු ශිල්ප ක්‍රම දාල සිහින මාලිගා හදන එක තමයි ඒ කාලෙට කෙරෙන්නෙ. අන්තිමට කෙල්ල අකමැති වුනොත් (අපේ බාසාවෙං කියනවනං ඇණයක් දුන්නොත්) සිහින මාලිගා බිමටම සමතලා කරගෙන ආපහු සුපුරුදු පිලිකුල් භාවනාවට බහිනව......අපිට කෙල්ලො එපා.........නරිය මිදි තිත්තයි කිව්වලුනෙ.  මුං හිතේ අමාරුවටත් එක්ක කෙල්ලො ගැන අප්පිරියාසහගත කතා කියල අපිටත් සසර කලකිරවනව.....
 
පෙරේද අපේ කම්මල් පීඨෙ තිබුන "පොඩි උන් පිලිගැනීමේ උත්සවේ"ට අපේම බැච් එකේ උං ලියපු, අපිම කියල අපිම සංගීතවත් කරපු සිංදුවක මේ සමාජ යථාර්ථය යන්තමින් හරි පෙන්නලා තිබුන කියල මට හිතුන. අපි මේකට කියන්නෙ "ඔටු සින්දුව" කියල. අහල බලල ඔබේ අදහසත් කියල ගියානම් මං ඒක අගේ කරනව. මේ පැත්තට ගොඩ වැදිල යන්ඩ ආවට ගොඩක් ස්තුතියි!
 
 



මේ සින්දුව කරේ අපේ පීඨෙ ඉන්න ඔටුවො සෙට් එකක්. පහල තියන වීඩියෝ එක ඔටුවොන්ට මඩ ගහල අපිම හදපු එකක්. ඒකත් බැලල යන්ඩ පුලුවන්නම්.




Saturday, May 25, 2013

නෑනගෙ සීන් එක...

 
 
කාලෙකට පස්සෙ ආපහු ආව බ්ලොගිය පැත්තෙ. හදිස්සියෙම පරණ මතකයක් අලුත් වුන හින්ද මේ ලිපිය ලියන්නෙ. මේක පොඩි නෑන මස්සිනා සීන් එකක්. නෑන මස්සිනා විවාහය අපේ රටට අමුතු දෙයක් නෙවෙයි. රජ කාලෙ ඉඳලම පැවතගෙන ආපු මේ සිරිත මේ වෙද්දි ගොඩක් දුරට නැති වෙලා ගිහින් තියන එකක්. ඒත් තාමත් අපේ අත්තම්මල සීයලාගෙ පරම්පරාවනම් මේකෙ වරදක් දකින්නෙ නැහැ.
අපේ අත්තම්මලාට අනුවනම් නෑනව රැක බලා ගැනීම මස්සිනාගේ වගකීමක්. නෑන කියන්නෙ තමන්ගෙ වෙන්ඩ සැමියා කියන එක පොඩි ලමයි කාලෙම ගෑනු දරුවන්ගෙ ඔලුවට දානවලු. පිට මනුස්සයෙකුට වඩා තමන්ගෙම මස්සිනා තමන්ට හොඳින් සලකයි කියන කාරණේ තමයි එයාල ගෑනු ලමයින්ට කියල තියෙන්නෙ. ඒ කතාවෙත් පොඩි ඇත්තක් තියනව. (මොනව වුනත් අපේ අත්තම්මලා දෙන්නටම මස්සිනාල ඉඳල නෑ.  ඒකත් ලොකු දෙයක්. :D)
 
දැන් කතාව කියමුකො. අපේ අසල්වැසි ගෙදරක හිටපු අයිය කෙනෙක්ට එයාගෙ නෑන ගැන හිතක් පහල වුනා. මේ අයිය බුවා ඉහල පෙලේ රස්සාවක් කරන, උගත්, සල්ලිකාර, (පොෂ් ) මනුස්සයෙක්. ඒත් ඉතින් මිනිහට ඕන වුනේ තමන්ගෙ නෑනවමයි. අපි බුවාලත් ඉතින් ලේ නෑයොන්ගෙ විවාහ වල තියන කේස් ගැන කියල පොරගෙ හිත වෙනස් කොරන්ඩ සෑහෙන ට්‍රයි එකක් දුන්න. ඒත් හරියන්නෙම නෑ. නෑනවම ඕනලු.
 
මේ කියන නෑනත් සෑහෙන ලස්සනයි. ඉතින් අපිත් අයිය බුවාගෙ ආසාව ගැන දැනගෙන හොයල බැලුව නෑනගෙ විස්තර. බලද්දි නෑනට කොලුවෙක් ඉන්නවලු. අයියගෙ අදහස දැනගත්ත නෑනත් මිනිහව දැක්කම මාරු වෙනවලු.නෑන එකකන් මග රැකගෙන ඉඳල ගරිල්ලා ක්‍රමේට කතා කරත් වැඩේ හරි ගියේ නෑ. ඉතින් අපේ මේ අයිය බුවා බොහොම දුකසේ නෑනව අමතක කරල, එයා වෙනුවෙන් ජීවිත කාලෙම තනිකඩව ඉන්ඩ තීරනේ කොරා. කතාවෙ පළවෙනි කෑල්ල ඉවරයි. ඊලඟ කෑල්ල තවත් රසවත්.
 
මේ සීන් එක වෙලා අවුරුද්දකට විතර පස්සෙ මේ නෑන අක්කට නරක දසාවක් ලැබුන. දවසක් එයා වැඩ ඇරිල ගෙදර එද්දි ලොරියක හැප්පිලා දරුනු විදිහට තුවාල වුනා. සෑහෙන කාලයක් ඉස්පිරිතාලෙත් ඉන්ඩ වුනා. මේ අනතුරෙන් පස්සෙ අක්කගෙ එක අතක ස්නායු ආබාධයක් ඇති වුනා. ඊටත් වඩා දරුනු අනතුරක් එයාගෙ මූනට වෙලා තිබුන. එයාගෙ උඩු තොල දරුනු විදිහට කැපිල ගිහින් තිබුන හින්ද ගොඩක් මැහුම් දාන්ඩ වෙලා. ඒකෙන් එයාගෙ මූනත් විරූපී වෙලා ගිහින්.
 
මේ කරදර සිද්ද වෙනකොට අක්කගෙ කසාදෙට දිනත් දාගෙන තිබිල තියෙන්නෙ. ඒත් මේ සිද්දි වලින් පස්සෙ එයාව බඳින්ඩ හිටපු කෙනත් අත්හැරල ගියා. අන්තිමේදි අසරණ වෙච්ච තමන්ගෙ නෑනව බාරගත්තෙ අපේ කතා නායක අයිය බුවා. දැන් ඒ දෙන්නට ළමයෙකුත් ඉන්නව. සමගියෙන් සතුටෙන් ජීවත් වෙනව. මේ නෑන මස්සිනා දෙන්න තමන්ගෙ දරුවත් අරන් පන්සල් ඇවිත් ඉන්නව දැකල තමයි මේ පරණ මතකෙ අලුත් වුනේ.
 
තමන්ගෙ නෑනලා ගැන හිත් පහල කොරගත්ත බුවාල තව ඉන්නව කියල මේ විරිඳුව ඇහුවම මට හිතුන. නිකමට වගේ එකත් දාන්නම්.
 
ජයමංගල ගී තාලෙට පිඹ පිඹ බට දඩුනලා
ජයපැන්බොන සෙනග රැලක් ඉදසිටි හඩ තල තලා
රස කර කර පවසන්නෙමි මිනි කිංකිනි සල සලා..
අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටු වෙලා..
 
පරයන ඉඳුනිල් කැට..දෙනෙතේ ඇති කැල්මට..
වසඟ නොවන්නේ කවුරුද නෑනගෙ එක බැල්මට...
 
මම කැමතියි නෑනට..නෑන කැමති නෑ මට..//
 
මැල්ලුමකට වෙල් පලා..නෙලන්න සිහිනිඟ සලා..
යනකොට රණ මොණරි වගෙයි මගෙ හිත කුල්මත් කලා...
 
මම කැමතියි නෑනට..//
 
පොත් ටික තුරුලට අරන්..මුව මඳහස රැස් කරන්
පාසල් යන දෙවැට දිගේ නෑනා මගෙ රත්තරන්...
 
මම කැමතියි නෑනට..//
 
අඩ සදවන් නලලතේ..චන්දන තිලකය ඇතේ..
රිකිපිල වැනි කෙස් කලඔට කිතුල් රෑන පැරදෙතේ...
 
මම කැමතියි නෑනට..//
 
මුහුදෙහි රල පෙල ගැසී..ගමන සදිසි යන ලැසී..
ඇගෙයි මගෙයි ආදරයට ආසිරිමල් වැසි වසී...
 
මම කැමතියි නෑනට..//
 
නැහැඹුල් හද කිතිකැවී.. නව රසදුන් සරසවී..
මගෙ දුප්පත් පැලේ ඉන්න එනවද මදු මාදවී...
 
මම කැමතියි නෑනට..//
 
ඔබෙන් ලැබෙන තොත්තුවේ..රසයට හද පත්තුවේ..
කිරියි පැනියි වගේ ඉන්න එනවද මගෙ වස්තුවේ...
 
මම කැමතියි නෑනට..//
 
ගන්නට ඔබ වාඩුවක්.. නැහැ මට ඉන් පාඩුවක්..
හදමුද අපි කූඩුවක්..ඉමුද පරවි ජෝඩුවක්...
 
මම කැමතියි නෑනට..//