Best Blogger Tips ~~විමානය ~~

Sunday, December 8, 2013

ලොරියක බඩු කාර් එකක පටවමු....


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

තව ඕනනම් මේ ලින්කුව පහතින්..



Monday, July 22, 2013

ඔටුවෝ ගැන අලුත් සින්දු දෙකක්.....(වීඩියෝ සමග)




"ඔටුවා", ඒ කියන්නෙ තනිකඩයා..මෙහෙම අය ඕඅන තරම් අපි අතරෙ ඉන්නව. එ වුනාට උං අතරෙ ඉන්නව සුවිශේෂ ඔටුවො ජාතියකුත්. උං තමයි "ප්‍රොෆෙෂනල් ඔටුවො". මේ අය ඇවිල්ල අපිට කෙල්ලො එපා කියන, තනිකඩ ජීවිතේ සැප ගැන කියවන, මැරෙන තුරාවටම තනිකඩව ඉන්නව කියන කට්ටිය. තමන්ට කෙල්ලො එපා වුන පලියට අනුන්ටත් එපා කරවන ජාතියෙ උදවිය ගැනයි මේ කියන්නෙ..
 
මේ වගේ අය ඕන තරම් අපිට සමාජෙ දකින්ඩ ලැබෙනව. මේ ගොඩක් අය කියන විදිහට කෙල්ලො කියන්නෙ කොල්ලොංව අමාරුවෙ දාන්ඩ බලාගෙන ඉන්න පරපෝශිත සත්ව කොටසක්. මට තේරුණ විදිහටනං මෙයාල මේ තත්වෙට පත් වෙන්නෙත් කලිං සිදුවෙච්ච බලාපොරත්තු කඩවීම් හින්දම තමයි. මේ මොන පොර ටෝක්ස් දෙන කොල්ලත් ටික දවසකිං කෙල්ලො පස්සෙ යන්ඩ පටන්ගන්නෙ සාධාරණ හේතුත් හදාගෙන.
 
"ඒකි පවු බං"...."අහිංසක කෙල්ලෙක්".."වෙන උං වගේ නෙවෙයි.".....මේ වගේ දාහක් හේතු හදාගෙන තමයි වැඩේට බහින්නෙ. සමහර උං කෙල්ලගෙං අහන්ඩත් කලිම්ම හදන ළමයි ගානත් තීරණේ කරල ඉවරයි. දන්න සියලුම සිවිල් ඉංජිනේරු ශිල්ප ක්‍රම දාල සිහින මාලිගා හදන එක තමයි ඒ කාලෙට කෙරෙන්නෙ. අන්තිමට කෙල්ල අකමැති වුනොත් (අපේ බාසාවෙං කියනවනං ඇණයක් දුන්නොත්) සිහින මාලිගා බිමටම සමතලා කරගෙන ආපහු සුපුරුදු පිලිකුල් භාවනාවට බහිනව......අපිට කෙල්ලො එපා.........නරිය මිදි තිත්තයි කිව්වලුනෙ.  මුං හිතේ අමාරුවටත් එක්ක කෙල්ලො ගැන අප්පිරියාසහගත කතා කියල අපිටත් සසර කලකිරවනව.....
 
පෙරේද අපේ කම්මල් පීඨෙ තිබුන "පොඩි උන් පිලිගැනීමේ උත්සවේ"ට අපේම බැච් එකේ උං ලියපු, අපිම කියල අපිම සංගීතවත් කරපු සිංදුවක මේ සමාජ යථාර්ථය යන්තමින් හරි පෙන්නලා තිබුන කියල මට හිතුන. අපි මේකට කියන්නෙ "ඔටු සින්දුව" කියල. අහල බලල ඔබේ අදහසත් කියල ගියානම් මං ඒක අගේ කරනව. මේ පැත්තට ගොඩ වැදිල යන්ඩ ආවට ගොඩක් ස්තුතියි!
 
 



මේ සින්දුව කරේ අපේ පීඨෙ ඉන්න ඔටුවො සෙට් එකක්. පහල තියන වීඩියෝ එක ඔටුවොන්ට මඩ ගහල අපිම හදපු එකක්. ඒකත් බැලල යන්ඩ පුලුවන්නම්.




Saturday, May 25, 2013

නෑනගෙ සීන් එක...

 
 
කාලෙකට පස්සෙ ආපහු ආව බ්ලොගිය පැත්තෙ. හදිස්සියෙම පරණ මතකයක් අලුත් වුන හින්ද මේ ලිපිය ලියන්නෙ. මේක පොඩි නෑන මස්සිනා සීන් එකක්. නෑන මස්සිනා විවාහය අපේ රටට අමුතු දෙයක් නෙවෙයි. රජ කාලෙ ඉඳලම පැවතගෙන ආපු මේ සිරිත මේ වෙද්දි ගොඩක් දුරට නැති වෙලා ගිහින් තියන එකක්. ඒත් තාමත් අපේ අත්තම්මල සීයලාගෙ පරම්පරාවනම් මේකෙ වරදක් දකින්නෙ නැහැ.
අපේ අත්තම්මලාට අනුවනම් නෑනව රැක බලා ගැනීම මස්සිනාගේ වගකීමක්. නෑන කියන්නෙ තමන්ගෙ වෙන්ඩ සැමියා කියන එක පොඩි ලමයි කාලෙම ගෑනු දරුවන්ගෙ ඔලුවට දානවලු. පිට මනුස්සයෙකුට වඩා තමන්ගෙම මස්සිනා තමන්ට හොඳින් සලකයි කියන කාරණේ තමයි එයාල ගෑනු ලමයින්ට කියල තියෙන්නෙ. ඒ කතාවෙත් පොඩි ඇත්තක් තියනව. (මොනව වුනත් අපේ අත්තම්මලා දෙන්නටම මස්සිනාල ඉඳල නෑ.  ඒකත් ලොකු දෙයක්. :D)
 
දැන් කතාව කියමුකො. අපේ අසල්වැසි ගෙදරක හිටපු අයිය කෙනෙක්ට එයාගෙ නෑන ගැන හිතක් පහල වුනා. මේ අයිය බුවා ඉහල පෙලේ රස්සාවක් කරන, උගත්, සල්ලිකාර, (පොෂ් ) මනුස්සයෙක්. ඒත් ඉතින් මිනිහට ඕන වුනේ තමන්ගෙ නෑනවමයි. අපි බුවාලත් ඉතින් ලේ නෑයොන්ගෙ විවාහ වල තියන කේස් ගැන කියල පොරගෙ හිත වෙනස් කොරන්ඩ සෑහෙන ට්‍රයි එකක් දුන්න. ඒත් හරියන්නෙම නෑ. නෑනවම ඕනලු.
 
මේ කියන නෑනත් සෑහෙන ලස්සනයි. ඉතින් අපිත් අයිය බුවාගෙ ආසාව ගැන දැනගෙන හොයල බැලුව නෑනගෙ විස්තර. බලද්දි නෑනට කොලුවෙක් ඉන්නවලු. අයියගෙ අදහස දැනගත්ත නෑනත් මිනිහව දැක්කම මාරු වෙනවලු.නෑන එකකන් මග රැකගෙන ඉඳල ගරිල්ලා ක්‍රමේට කතා කරත් වැඩේ හරි ගියේ නෑ. ඉතින් අපේ මේ අයිය බුවා බොහොම දුකසේ නෑනව අමතක කරල, එයා වෙනුවෙන් ජීවිත කාලෙම තනිකඩව ඉන්ඩ තීරනේ කොරා. කතාවෙ පළවෙනි කෑල්ල ඉවරයි. ඊලඟ කෑල්ල තවත් රසවත්.
 
මේ සීන් එක වෙලා අවුරුද්දකට විතර පස්සෙ මේ නෑන අක්කට නරක දසාවක් ලැබුන. දවසක් එයා වැඩ ඇරිල ගෙදර එද්දි ලොරියක හැප්පිලා දරුනු විදිහට තුවාල වුනා. සෑහෙන කාලයක් ඉස්පිරිතාලෙත් ඉන්ඩ වුනා. මේ අනතුරෙන් පස්සෙ අක්කගෙ එක අතක ස්නායු ආබාධයක් ඇති වුනා. ඊටත් වඩා දරුනු අනතුරක් එයාගෙ මූනට වෙලා තිබුන. එයාගෙ උඩු තොල දරුනු විදිහට කැපිල ගිහින් තිබුන හින්ද ගොඩක් මැහුම් දාන්ඩ වෙලා. ඒකෙන් එයාගෙ මූනත් විරූපී වෙලා ගිහින්.
 
මේ කරදර සිද්ද වෙනකොට අක්කගෙ කසාදෙට දිනත් දාගෙන තිබිල තියෙන්නෙ. ඒත් මේ සිද්දි වලින් පස්සෙ එයාව බඳින්ඩ හිටපු කෙනත් අත්හැරල ගියා. අන්තිමේදි අසරණ වෙච්ච තමන්ගෙ නෑනව බාරගත්තෙ අපේ කතා නායක අයිය බුවා. දැන් ඒ දෙන්නට ළමයෙකුත් ඉන්නව. සමගියෙන් සතුටෙන් ජීවත් වෙනව. මේ නෑන මස්සිනා දෙන්න තමන්ගෙ දරුවත් අරන් පන්සල් ඇවිත් ඉන්නව දැකල තමයි මේ පරණ මතකෙ අලුත් වුනේ.
 
තමන්ගෙ නෑනලා ගැන හිත් පහල කොරගත්ත බුවාල තව ඉන්නව කියල මේ විරිඳුව ඇහුවම මට හිතුන. නිකමට වගේ එකත් දාන්නම්.
 
ජයමංගල ගී තාලෙට පිඹ පිඹ බට දඩුනලා
ජයපැන්බොන සෙනග රැලක් ඉදසිටි හඩ තල තලා
රස කර කර පවසන්නෙමි මිනි කිංකිනි සල සලා..
අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටු වෙලා..
 
පරයන ඉඳුනිල් කැට..දෙනෙතේ ඇති කැල්මට..
වසඟ නොවන්නේ කවුරුද නෑනගෙ එක බැල්මට...
 
මම කැමතියි නෑනට..නෑන කැමති නෑ මට..//
 
මැල්ලුමකට වෙල් පලා..නෙලන්න සිහිනිඟ සලා..
යනකොට රණ මොණරි වගෙයි මගෙ හිත කුල්මත් කලා...
 
මම කැමතියි නෑනට..//
 
පොත් ටික තුරුලට අරන්..මුව මඳහස රැස් කරන්
පාසල් යන දෙවැට දිගේ නෑනා මගෙ රත්තරන්...
 
මම කැමතියි නෑනට..//
 
අඩ සදවන් නලලතේ..චන්දන තිලකය ඇතේ..
රිකිපිල වැනි කෙස් කලඔට කිතුල් රෑන පැරදෙතේ...
 
මම කැමතියි නෑනට..//
 
මුහුදෙහි රල පෙල ගැසී..ගමන සදිසි යන ලැසී..
ඇගෙයි මගෙයි ආදරයට ආසිරිමල් වැසි වසී...
 
මම කැමතියි නෑනට..//
 
නැහැඹුල් හද කිතිකැවී.. නව රසදුන් සරසවී..
මගෙ දුප්පත් පැලේ ඉන්න එනවද මදු මාදවී...
 
මම කැමතියි නෑනට..//
 
ඔබෙන් ලැබෙන තොත්තුවේ..රසයට හද පත්තුවේ..
කිරියි පැනියි වගේ ඉන්න එනවද මගෙ වස්තුවේ...
 
මම කැමතියි නෑනට..//
 
ගන්නට ඔබ වාඩුවක්.. නැහැ මට ඉන් පාඩුවක්..
හදමුද අපි කූඩුවක්..ඉමුද පරවි ජෝඩුවක්...
 
මම කැමතියි නෑනට..//

Tuesday, June 19, 2012

රිලා කතා-1




බ්ලොග් එක පටන්ගෙන සෑහෙන කාලයක් ගියාට තාම හරි හමන් ලිපියක් ලියාගන්ඩ බැරි වුනා. දලඹුව කියන්නෙත් ඉතින් බොහොම වැඩ රාජකාරි තියන පුද්ගලයෙක් නෙව. ඒ වුනාට දන්න අඳුරන සමහරුනම් මේ ගැන එක එක මත පල කරනව. 
"සද්දෙ දාල බ්ලොග් එකක් පටන්ගත්තට ඒකෙ මොකුත් නෑනෙ." 
"දලඹුවගෙ හැම වැඩේම ඔහොමයි."
"අල බුවා බ්ලොග් එකත් අල කරගත්ත."
"ඕකගෙ වැඩ 50යි, පපඩම් 150යි!!!"
මේ වගේ ප්‍රතිචාර සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොටත් ලැබෙමින් පවතිනව. ඉතිං ඒ වගේ ඉහල පාඨක ප්‍රතිචාර මැද පලවෙනි කතාව ලියන්නයි මේ හදන්නෙ.

අලි කොටි වලස්සු ගැන කතා ගොඩක් බ්ලොග් අඩවි ගොඩක ලියවිලා තිබුනත් රිලා කතා නම් මම දැක්කෙ මාරයාගේ හෝරාවෙ තිබුන "රිලා ප්‍රහාර මැද මාර චාරිකා..." ලිපියෙ විතරයි. ඒත් නුවර පලාතෙ ඉන්න අපිටනම් ලොකුම කරදරයක් වෙලා ඉන්නෙ රිලවු. එක එක ක්‍රම වලින් අපේ දවසේ වැඩ කටයුතු වලට බාල්දි පෙරලන මේ සත්තු ටික ගැනත් මොනවහරි ටිකක් නොලිව්වොත් අඩුවක් වගේ. ඒ හින්ද විමානයේ ලියවෙන පලවෙනි කතාවම රිලා කතාවක් බවට පත් වෙනව.

ඉතින් ඔන්න පලවෙනි රිලා සීන් එක. දලඹුවාලගෙ ගෙදරින් හැම මාසෙකම පන්සලට දානයක් දෙනව. අපේ අම්මල ඕකට කියන්නේ සලාක දානෙ කියල. ඉතින් දවසක් දලඹු මලයගෙ තාත්ත ලොකු කෙසෙල් ඇවරියක් අරන් ආව දානෙට දෙන්ඩ කියල. හොඳට ඉදිල තිබුන කෝලිකුට්ටු ඇවරිය දැකපු දලඹු මලයගෙ කටට කෙළ ලීටර් ගානක් ඉනුව. කෝලිකුට්ටු වුනාට නිකං ආනමාලු ගෙඩි වගේ සයිස් එක. ආස හිතෙන සුවඳකුත් එනව. දැක්කම කන්ඩමයි හිතෙන්නෙ. ඒත් මොනව කරන්ඩද. දානෙට ගෙනාපු කෙසෙල් හින්ද කන්ඩත් බෑ. බුද්ධ පූජාව තියන්ඩ කලින් එහෙම කන්ඩත් හොඳ නැතිලු. පවු සිද්ද වෙනවලු. මොනව කරන්ඩද ඉතින්. පෙරේතකම ඉවසන් හිටිය කෙසෙල් තිත්තයි කියල හිතාගෙන.

දානෙ දවසත් ආවයි කියමුකො. දලඹුවගෙ අම්මයි තාත්තයි දන්න ක්‍රම ඔක්කොම දාල දානෙ උයනව. ඔය අස්සෙ නැගිට්ට ගමන් කබ කඩ කඩ මිදුලට ගිහින් බලපු දලඹු මලය දැක්ක විස්සක තිහක විතර රිලා හමුදාවක් මිදුලෙ පිරිල ඉන්නව. මේ සීන් එක හැමදම වගේ වෙන හින්ද දලඹු මලයත් වැඩිය ගනන් ගත්තෙ නෑ. දැන් ඔන්න දානෙ ගෙනියන වෙලාව. බත් මාලු එලවලු හැම දේම භාජන වලට බෙදල, සුදු රෙදි වලින් වහල ගෙනියන්ඩ ලෑස්තිය. ඒ අස්සෙ දලඹු මලයගෙ තාත්ත හැම තැනම කෙසෙල් ඇවරිය හොයනව. මාර සීන් එක. කෙසෙල් ඇවරිය නෑ.

දැන් සිද්දියෙ ප්‍රධාන සැකකාරය දලඹු මලය.
"හොරෙන්ම කෑව නේද කෙසෙල් ඇවරිය?"
"මුලු ඇවරියම කෑවද?"
"කෑවෙ නැත්තන් කෝ මෙතන තියෙන්ට එපැයි."
"කනව කියල ඔහොමත් කනවද?...."
ප්‍රශ්න කෝටියයි. නිකන් කුඩු ගෙනියල පොලීසියට අහු වුනා වගේ. කෑවෙ නෑ
කිව්වට අහන්නෙත් නෑ. කට්ටියම දන්නව ඇතිනෙ ඉතිං ගෙදර පොලීසියෙ තරම.

අන්තිමට කෙසෙල් නැතුව දානෙ අරන් යන්ඩ කියල එලියට බැස්සම තමයි හැමෝගෙම මීටර් වලට සීන් එක සෙන්ටර් වුනේ. මිදුල පුරාම කෙසෙල් ලෙලි. උයන පිහින කලබලේ අස්සෙ ගෙට රිංගපු රිලවු සෙට් එක කෙසෙල් ඇවරිය ගල් ටික් කොරල. ඒ මදිවට ඒක කාල සුන් බුන් මිදුල පුරාම විසිකරල. එදා ඉඳල දලඹු මලයට රිලවු කියන්නෙ පෙන්නන්ඩ බැරි ජාතියක්. දුටු තැන පහරදෙනව. උනුත් වැඩේ අතෑරල නෑ. ගරිල්ලා ක්‍රමේට ප්‍රතිප්‍රහාර දෙනව. වෙන ගෙදරක උලු කැට දෙකක් කැඩුවොත් අපේ ගෙදර උලු කැට දහයක් විතර කඩල දාලයි යන්නෙ.

ඕං ඕකයි කතාව. මෙලෝ රහක් නෑ නේද? මොනව කොරන්ටද ඉතින්. වෙන මොකුත් කොරන්ට ඕන නෑ. කොමෙන්ට් එකක් දාල තරහ පිට කරගන්ඩ.

Saturday, May 26, 2012

කොමෙන්ට් නොකරන්නාගේ පාපොච්චාරණය

දලඹුවාගේ විමානයට පැමිනි හැමෝටම ආයු බොහෝ වේවා!

 



 
       දැන් අවුරුදු තුනක් හතරක් තිස්සෙම සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයෙ බ්ලොග්ස් කියවන, ඒත් කවදාවත් කොමෙන්ටුවක් දාපු නැති එකෙක් ඉන්නව කිව්වොත් පුදුමයි නේද? ඒත් ඉතින් එහෙම බුවාලත් ඉන්නව තමයි. මං බුවත් අයිති වෙන්නෙ එහෙම බුවාල ගනයට. 
 
    මං බුවා බ්ලොග් කියවීමට එන්ටර් වුනේ ඉස්කෝලෙ යන සන්දියේමයි. ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ වල බැහැල, ඉන්ටනෙට් කැෆේ අස්සෙ රිංගගෙන බ්ලොග් කියවන්ඩ සිද්ද වුනේ ගෙදරට ඉන්ටනෙට් තිබුනෙ නැති නිසා. හිස් අහස,කතන්දර, සොඳුරු සිත වගේ දාහකුත් එකක් බ්ලොග් අඩවි කියෙව්වත්, කිසිම බ්ලොග් පොස්ට් එකකට කොමෙන්ට් නොකරෙ තියන කම්මැලි කම නිසා මිස කියන්ඩ දේවල් නැති කමට නෙවෙයි. 
 
    ඔහොම ඉන්න අතරේ පහුගිය දවසක කතන්දර අයියගෙ බ්ලොග් එකේ කොමෙන්ටුවක් දාන්ඩ සිද්ද වුනා. කවුදෝ සහෝදර බුවෙක් ඇනොනිමස් ලෙස කමෙන්ට් කරමින් අපේ විශ්ව විද්යාල වලට මඩ ගැහීමක් කරපු නිසා තමයි ඒ කොමෙන්ටුව දැම්මෙත්. කොහොමින් කොහොමින් හරි තමන්ගෙම බ්ලොග් එකක් පටන් අරන් මේලෝ රහක් නැති කතා ටිකක් සිංහල බ්ලොග් අවකාශෙට එකතු කිරීමේ අදහසක් බුවාගේ කුඩා මොලේට හදිස්සියෙම කඩන් වැටුන නිසා තමයි මේ බ්ලොග් අඩවිය ආරම්භ කරේ. ඒකත් කරගන්ඩ පුලුවන් වුනේ එක එක ජාතියෙ විභාග සෑහෙන ප්‍රමානයක් ඉවර වෙනකන් පෙරුම් පුර පුර ඉඳලයි.

       බුවා කියන අන්වර්ථ නාමයෙන් බොහෝ දෙනා මාව අමතන නිසාම මම මෙතනදිත් ඒ නමම පාවිච්චි කරන්ඩ හිතුව. බ්ලොග් අවකාශයේ කවුරුහරි මේ නම භාවිතා කරනවනම් මට සමාවෙලා ඒ ගැන පොඩ්ඩක් දන්වන්න. ඉතිං සිංහල බ්ලොග් කරණයට නවකයෙක් වෙන මට අවුරුදු ගානක් බ්ලොග් ලියල පලපුරුදු ඔබ සියලුමදෙනාගෙන් උදවු උපදෙස් සහ අවවාද ලැබෙයි කියල මම හිතනව.
        මේකේ ලියන්ඩ කියල එක එක ජාති ගොඩක් මතක් වුනත් දැන්නම් මොකුත් ලියන්ඩ වෙන්නෙ නැති පාටයි. ඊලඟ පෝස්ට් එකෙන් අපි ආපහු හමුවෙමු. එහෙනම් හැමෝටම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි, ආරක්ශාවයි!